ජුජ් ශගුන්ට බනිනවා කාලෙ කෑවා,
ඔයාගෙ දුවත් ඔයාට බයයි.
ආයෙ මෙහෙම කලොත් හිරේ දානවා.
ජුජ් රමන්ලට කරදර කලාට සොරි කියල යනවා.
ඉශු මිහිර්ට තැන්ක් කරනවා වෙලාවට කියුවට.
හැමෝම අගයනවා.
ඉශු රමන් දිහා බලා ඉදලා යනවා.
සිම්මි මේක දැකල රමන්ට බනිනව.
ඇයි එයාව නවත්තගත්තෙ නැත්තෙ.
රමන්: මන් මේවා කලේ රුහි වෙනුවෙන්.
කට්ටිය ඇනුම් පද කියාගන්නවා.
පරම් මෙහෙන් යනවා කියනවා.
තොසි: අනේ රමන් පුතේ එයාලව නවත්තන්න.
රමන්: පරම් යනවා නම් ගිය දෙන්.
එයාට තනියම තීරන ගන්න අයිතියක් තියනවා.
පරම්: මෙ ශගුන් ඇවිත් ඔක්කොම කීවනෙ.
රමන් රූම් එකට ගිහින් ෆෝන් එකක් අරන් ඇවිත් පරම්ගෙ රූම් එකට ගිහින් පරම්ගෙ ෆෝන් එකට රමන් අතේ තියන එක මාරු කරනවා.
පරම් එනවා.
රමන්: මන් මේ ඔයාට කතා කරන්න ආවේ.
මට රෑ මුකුත්ම කියන්න බැරි උනානෙ.
ගොඩක් දේවල් උනා.
මට තේරෙන්නෑ කොමද මූන දෙන්නෙ කියලා.
ඔයා සිම්මිගෙ හස්බන්ඩ්, මෙහෙ බෑනා.
මන් ඔයාට පොරොන්දු වෙනවා මගෙ නංගිට මෙහෙම කල කෙනාව අත අරින්නෑ මන්.
රමන් පරම්ට කියනවා එයා එනකම් ගෙදරින් යන්න එපා කියලා.
එහෙම කලොත් අපි හිතනවා ඔයා ඉශිතගෙ වැරැද්දට අපිට දඩුවම් දුන්නා කියලා.
පරම් හරි කියනවා.
පරම්: රමන් මොනවා හරි ප්ලැන් කරලද.
සාරිකා මුකුත් කියුවද.
පරම් ෆෝන් එක ගද්දි දකිනවා ෆෝන් එක ඕෆ්.
මෙච්චර ඉක්මනට බැටරි ලෝ උනේ කොමද කියලා චාජ් කරගනවා.
රමන් පරම්ගෙ ෆෝන් එකෙන් සාරිකාට මැසේජ් කරනවා ඉක්මනට හම්බෙන්න එන්න කියලා.
සාරිකා බය වෙනවා පරම් එන්නෙ ඇයි කියලා.
රමන් සාරිකාගෙ ගෙදර යනවා.
සාරිකා මුලින් අකමැති වෙනවා කත කරන්න.
රමන් ඇයි ඉශු වෙනුවෙන් උඩවු කරන්නෙ කියලා.
මමයි පරම්ගෙ ෆෝන් එකෙන් මැසේජ් කලේ කියනව.
ඔයා ගෑනු කෙනෙක් වෙලා කොහොමද ඔහොම කලේ.
මන් ඔයාව පරම්ගෙන් නිදහස් කරන්නම් මට උඩවු කරන්න.
ට්රිශා ශ්රවන්ට ඇදුම පෙන්නනවා.
ඉශු ගිහින් අඩනව.
බාල වන්දු ඉශුව සනසනවා.
සාරිකා රමන්ට ඔක්කොම කියනවා.
පරම් අම්මව මරනවා කියලා තර්ජනය කලා කියනවා.
රමන් සාරිකාට කියනවා උඩවු කරන්න කියලා.
මන් ඔයාගෙ අම්මගෙ ලෙඩේට සල්ලි දෙන්නම් කියලා.
සිම්මියි පරමුයි පිටත් වෙන්න හදනවා.
රමන් එනවා.
රමන්: ඔයාගෙ ෆෝන් එක මන් ගාව.
පරම්: ආ
රමන්: ඇයි මේ යන්න හදිස්සිය.
මන් කියුවනේ මන් එනකම් ඉන්න කියලා.
කොහෙද ඩුවන්නෙ.
පරම්: මේ ටක්සිය ඇවිල්ලා.
රමන් කියනවා මන් කියුවනෙ ඔයාට මන් හොද තීරනයක් දෙන්නම් කියලා.
මන් ඔයාව හම්බෙන්න කැමති කෙනෙක්ව එක්ක ආවා කියලා සාරිකාව ගෙන්නනවා.
පරම් බය වෙනවා.
රමන්: ඇයි මේ බය වෙලා? මොකද උනේ? අදුර ගත්තෙ නැද්ද?
රමන්ට ඉශු කියුව ඒවා මතක් වෙනවා.
රමන් තරහින්.
ලිවුවේ - Ramya Sathsarni
Unicode පරිවර්තනය - FB page Admin (Jay)
Home » All » Episode » Episode 123 Written Update - In Sinhala (සිංහල)
Episode 123 Written Update - In Sinhala (සිංහල)
By: Dilshan JayatilakaPosted date: 11:51 AM comment : 0
Subscribe to:
Post Comments (Atom)
No comments: